කූණාටුව (Dark clouds)

 May be an image of 1 person and fog

මේ සතුටු මිනිසාගේ මළගම
සතුටින් සිටින සියල්ලෝම මෙහි පැමිණ ඇත
එතකොට නුඹ නො ආවේ මන්ද?
කූණාටුවක් නම්
ඇවිත් යනවා
එතකොට ඒක ඉවරයි
කුණාටුවක ඝෝෂාව
අතීතයෙන් ඇහෙනකොට
කෙනෙකුගේ ජීවිතයම ඉවරයි
සතුටු මිනිසෙකුට වුණත්
එය පොදුයි
ඒ අතීතයේ ඔබ සිටියේ කොතැන ද?
චිතකය ද දල්වා අවසන
සියල්ලෝම සතුටින් විසිර ගියාටත් පසුව,
අවමංගල්ය සභාවෙන් අවසරයි!
මං ඔබට රහසක් කියන්නම්
ඇත්තටම මැරුණේ සතුට විතරයි
සතුටු නැති මිනිහෙක් තවමත්
ඔබ අතර සැරිසරයි

Post a Comment

Previous Post Next Post