
හැමෝම අහන නිසා මාත් මගේ අම්මාගෙන් අහනවා "අම්මා නැති උන දාට මාත් තනිවෙයිද අම්මේ කියලා."
අම්මා මට හරි ලස්සන උත්තරයක් දෙනවා,
උඹට මතක නැතුව ඇති පොඩි කාලේ උඹ සෙල්ලම් කරද්දී වැටෙනවා ඒක මන් හොරාට බලන් ඉන්නවා උඹ තනියම නැගිටලා තුවාලේට වේදනාවෙන් බේත් අතුල්ල ගන්නවා.ඒකෙන් උඹ දෙයක් ඉගෙන ගත්තා තනියම වැටිලා නැගිටින හැටි.
මන් එක වචනයක්වත් කිව්වේ නෑ උඹට පුතේ මන් දැක්කා උඹේ ඇස් වල කදුලු හැබැයි උඹ එකෙන් ජීවිතේ පුංචි වයසට පරාජ වෙන හැටි ඉගෙන ගත්තා.
උඹ O/L ,A/L ඉගෙන ගෙන පාස් වෙලා විශ්ව විද්යාලයකට එනකම් උස් මහත් උනා. උඹ එකෙන් ඉගෙන ගත්තා මහන්සිවෙලා තමයි ජිවිතේ දේවල් ළගා කර ගන්න ඕනේ කියලා.උඹ A/l කාලෙ බෝඩිමකට වෙලා රෙදි ටික හෝදගන්න ,තනියම කොන්ඩයක් ගොතාගන්න ඉගෙන ගත්තා ,වේලක් කාලා වේලක් නොකා හරි උඹේ වැඩ ටික උඹ පිලිවලට කරගත්තා.
මම සමහර දවස් වලට ගෙදර නැති, උයලා නැති දවස් වලට උඹ බිත්තරයක් බැදගන්න හරි ඉගෙනගත්තා.
ඒ වගේම උඹ O/l ,A/L වලට පාඩම් කරන කාලේ උදේ පාන්දර නැගිටලා හීතලේ තේ වලට වතුර තියලා තනියම තේ එකක් හදන්න ඉගෙන ගත්තා, මන් නිදාගෙන නෙමේ බන් හිටියේ ඇහැරිලා හැබැයි මන් ආවේ නෑ උඹට උදව් වෙන්න මොකද උඹ ඒකෙන් තේ එකක් හදා ගන්න ඉගෙන ගත්තා.
මටයි තාත්තටයි මිනිස්සු මොන තරම් ආදරෙයිද , අපි මිනිස්සුන්ට සලකන්නේ කොහොමද, අපි ආගම් වලට ගරු කරන්නේ කොහොමද, අපේ දෙමාපියොන්ට සැලකුවේ කොහොමද, මිනිස්සුන්ට ආදරේ කරන්නේ කොහොමද අන්න උඹ එකෙන් මනුස්සකමයි සාරධර්ම ටික ඉගෙන ගත්තා ...
මන් උඹට හැමදාම අප්පච්චි මහන්සි වෙන විදිය පෙන්නුවා ඒ මනුස්සයාගේ කැපවීම ,නැති බැරි කම් හැම එකම පෙන්නුවා ඒ උඹට උගන්නන්න.උඹ A/L ඉවර උන ගමන් රස්සාවකට ගියා මන් එපා කිව්වේ නෑ ඒ උඹට සල්ලි වල තියෙන වටිනාකම පෙන්න.ඒ මනුස්සයා මට සලකන විදිය මම උඹට දැනෙන්න දුන්නා ,කවදාහරි උඹත් ඒ ජාතියේ මනුස්සයෙක් එක්ක ජීවිතයක් හදාගනී කියන විස්වාසෙට.
උඹ මේ හැම දේම ලස්සනට ඉගෙන ගත්තා මන් අද නැති උනත් උඹ බඩිගින්නේ ඉන්න එකක් නෑ.
උඹට තේ තිබා ආවම උබ තේ එකක් හදා ගනී.
උඹ හොදට ඉගෙන ගෙන ඉස්සරා ජීවිතේ ලස්සන කර ගනී.
උඹ සල්ලි වල වටිනා කම දන්න නිසා මහන්සි වෙලා ඒවා හරි විදියට හම්බ කරයි.
ලස්සන සාරධර්ම උඹේ ජිවිතේ තියෙයි.
ජීවිතේ වැටුනාම තනියම නැගිටීවී.
රුපියලක් නැතත් උඹට දැන් උබටම කියලා දේවල් ගොඩනගා ගන්න පුළුවන් වේවී.
මායි උඹලාගේ අප්පච්චියි ලස්සනට පවුල් ජීවිතේ ගත කරපු නිසා උඹත් දවසක ඒ විදියටම ගත කරයි.
ඉතින් පුතේ මට කියපන් උඹ මන් නැති උන දවසක තනි වෙයිද ?.
Tags:
Love