
ඔයා තාම එයාට ආදරෙයිද රාහුල්..?
"ඔව්" ඒත් ඔයයි මගෙ වර්තමානය නූරී
මම හැමදාම රාහුල්ගෙන් ඔහුගේ කලින් පෙම්වතිය ගැන අහද්දි එයා හැමදාම දුන්නෙ එකම උත්තරේ. මට මතකයි මන් ඊට පස්සෙ එයත් එක්ක ගොඩක් රණ්ඩු වෙනවා. අපි දවස් ගණන් කතා කරන්නෙත් නෑ. මොකද රාහුල් මගේ පලවෙනිම ආදරේ ඒ වගේම එයයි මගෙ ලෝකෙම වෙලා හිටියෙ.
නූරි ඔයා මට තාමත් ආදරෙයිද..?
"ඔව්" ඒත් ඔයා මගෙ අතීතය රාහුල්
ඉතින් ඔහුයි මායි දෙන්නම හිනා වෙලා ආගිය තොරතුරු කතා කරල අපිට උරුම මාවත් වල විසිරිලා යනවා. සමහර විට මගෙ විදේශ ගමනින් පස්සෙ ඔහු ආයෙ මට කවදාවත් මුණ නොගැසෙන්නත් පුලුවන්. මන් ඔහුව අමතක කරල කියල හිතන් හිටියත් අද මගෙ හිතට හරි අමුතු හැඟීමක් දැනුනා
කොහොමහරි මට තේරුනා අපි ආදරේ කරපු අය අපිට අමතක වෙන්නෙ නෑ අපි එයාලව පරිස්සමට හදවත් අස්සෙ කොහෙ හරි තියන් ඉන්නව කියල. අපිට හම්බෙන හැමෝම අපි ලඟ හැමදාටම නවතින්න ඕන කියල එකක් නෑ එයාල කොහෙ හරි සතුටිනුයි ඉන්න ඕන...මේ ජීව්තයවත් අපිට අයිති නැති කොට තව කෙනෙක් හැමදාටම අපේ වෙන්නෙ කොහොමද..ඉතින් ඔහු මගෙ ජීවිතේට ඇවිත් ගියේ ඒ පාඩම මට කියල දෙන්න කියල මන් අදටත් විශ්වාස කරනවා..
ඉතින් මන් ගෙදර ඇවිත් අපි දෙන්නම එකට ඉඳන් ගත්ත පින්තූර දිහා බලාගෙන පොඩි වෙලාවක් කල්පනා කරනවා. ඒ ලස්සන මතක එකින් එක මතක් කරද්දි මටත් නොදැනිම ලොකු සුසුමක් පිට වෙනවා .
Tags:
Love