නිහඬවම පහුවෙයි රැයක මුල මැදියම
පාන්දර කැටුව එයි ශෝකයේ මිහිදුම
නිදන මුත් නොනිදමි හඬන මුත් නොහඬමි
නොතේරෙන හිස්කමක වැතිරෙමි
සුළඟ මම සහ තනිකම
ඇවිලෙමින් නිවෙනකොට තනියම
හිතාගමි ඒ මම ! හදාගමි හිත
හදවතෙන් හරි අඩක් නාඳුනමි
කොතැනකද කොහොම වෙද
තේරුමක් නොදනින
හින්දි ගී තනුවකට පවා සිදුරු වෙයි හදවත
ඉනික්බිති ඇස් අගින් , දියවෙලා වැගිරෙයි
සාංකා සියපත් කුලුණ එක්කම
නගරයක පහන් එළි ඔක්කොම !
Tags:
Love