මගේ කහ මල
ඔයා පිපෙන දිහා මම බලාන හිටියා
පෙත්තෙන් පෙත්ත රේනුවෙන් රේනුව
මම ඔයා දිහාම බලාන හිටියා
රෑ දෙගොඩහරියේ මම ඔයා බලන්න ආවා
ඔයා යාන්තමට ඉර එළිය බලද්දි
ඒත් දන්නවද ....
මම කන්දීගෙන හිටියා එදා
ඔයා මට කිව්ව දේ මට ඇහුනා
මට දැනුනා
ළමයෝ !
අව්ව කපාගෙන මීදුම මැදින් ඔයයි ලස්සනට පිපෙන්නේ
ඉතිං ඍතුවක් මොකටද ඔයාට හැඩවෙන්න ......
නන්නාදුරන මලුත් කතා කරනවා
Tags:
Love
