ආදරණීය දිනපොත
ජීවිතය යනු අප ගෙවා දමන සෘතු කිහිපයක එකතුවකි. අද අප එහි එක් සෘතුවක් පසු කරමින් සිටියි. මෙය හුදෙක් එක් චක්රයකි. මුහුදු රළ වෙරළට පැමිණ යළි මුහුදට ඇදෙන්නා සේ අප මැරෙයි , යළිත් උපදියි. අපේ මනස හිස් මල්ලක් බඳුය. වැටෙන හුස්මට අමතරව අප ගෙවා දමන කාලය තුළ මතක, සිතුවිලි, හැඟීම් අපේ මනසට එකතු වෙයි. යළිත් හිස් වෙයි. යළිත් පිරෙයි.
ඉතින් මම ජීවිතය මෙසේ නිර්වචනය කරමි.
" පළමු හුස්මත් අවසාන හුස්මත් අතර අප ගත කරන කාලය තුළ , කාලානුරූපීව අපේ සිත් තුළ හටගන්නා විවිධ හැඟීම්, සිතුවිලි හා මතක වලින් සමන්විත කාලාවකාශය ;
ජීවිතයයි. "
ඉතින් , ඔබ ලද මේ ජීවිතය තුළ ඔබට අවැසි මතක, හැඟීම්, සිතුවිලි පමණක් එකතු කරන්න. මක් නිසාද යත් ඒවා මේ ජීවිතය තුළම පමණි.
මල්ල යළිත් හිස් වනු ඇත !
Tags:
Love